RSS Feed

I am not alone.. Because, loneliness is always with me...

I am not alone.. Because, loneliness is always with me...
Posted by නෙතු නුඹ

මියැදෙන්නෙ නැති නිසා ජීවිතය ඇදන් යෑම

මේ මගේ ජීවිතය....

Posted by නෙතු නුඹ

මියැදෙන්නෙ නැති නිසා ජීවිතය ඇදන් යෑම

දැන් මගේ වයස අවුරුදු 26යි. 1987 නිසා අවුරුදු 27 සම්පූර්ණ වෙන්න තියෙන්නේ. මගේ ජීවිත කතාව කොතැනින්ද කියන්න පටන් ගන්නේ. අද ඉදන් ආපස්සටද? නැත්නම් ඉපදුන දා සිට අද වෙන තුරුද? මගේ කතාව එක දිගට කියවාගෙන යන ඔයාට ටික දුරක් යද්දී කම්මැලි හිතෙයි. ඒත් කියවන්න. ඔයාලට ගන්න දේවල් හුඟාක් තියෙනවා.

මට ඉස්සෙල්ලාම සියදිවි හානි කරගන්න හිතුනේ මං 3 වසරේදී. ඒ ගෙදරින් බලාපොරොත්තු වුන ආදරය මට නොලැබුණ නිසා කීවොත් නිවැරදියි. මං හිතුවා එයාල මේ විදිහට මට ආදරේ කරයි. මේ විදිහට මං ගැන හොයා බලයි කියලා. 

මං පුංචි කාලේ මං ඉල්ලන ඉල්ලන දේ මට අරන් දුන්නා. අම්මා මට බත් කැව්වා අවුරුදු 10 වෙනකන්. දත් මද්දනවා. අම්මා හෙදියක්. ඒ නිසා එයා Night Duty තිබුණා. මට මතකයි මං තත්තාගෙන් කිරි බීලා තියෙනවා. තාත්තාගේ මල්ලී ජයතිස්ස බාප්පා එයාට ලොකු අසනීපයක් තිබුණා. අම්මා බැනලා දුක හිතුනම බාප්පා ළඟට අරන් කියනවා පුතේ යමු අපේ ගෙදර කියලා. මට මතකයි මාත් එක්ක සෙල්ලම් කරන එහා ගෙදර අයියලා, අක්කිලා මාත් එක්ක සෙල්ලම් කරද්දි මං වැටිලා අම්මිගෙන් බැනුම් අහලා තියෙනවා. චතුර අය්යානම් ඒකට මාත් එක්ක සදාකාලිකවම තරහා වුණා. 

මොංඩිසෝරි යන්න පටන් ගත්තේ අවුරුදු 4 ඉදන්. ඒත් පන්තියේදිත් තනියෙන් පැත්තකට වෙලා අඬන එකයි මං කළේ. ඒ අතරේ මට යාලුවෙක් සෙට් වුණා. එයාගේ නම අමිල. මොන්ඩිසෝරියේ Auntගේ එකම ළමයා.

ඒත් පොඩි කාලේ ඉදලා මට කියා ගන්නවත් බැරි තනිකමක් තිබුණා. මං තනියෙන් මල් ගස් ළඟට වෙලා ගස් අත ගගා එයාලත් එක්ක තනියෙන් කතා කරනවා. මං මල් ගස් අත ගගා කතා කරන්න, කරන්න මල් ගස් වල මල් පිරිලා තිබුණා. රෝස ගස් අස්සේ රිංගලා එහෙට මෙහෙට දිව්වාට කවදාවත් රෝස කටු වලට මගේ අතපය සීරිලාවත් නැහැ.

ඒ නිසාම මං මල්ලියෙක් හරි නංගියෙක් හරි ඉල්ලලා ඇඬුවා. හරියටම මොන්ඩිසෝරියේ 1st year Trip යන දවසේ මගේ තනියට කියලා මල්ලියෙක් ගෙනාවා. එදා අපි අම්මලාගේ මහ ගෙදර හිටියේ. ගෙදර හැමෝටමත් වැඳලා, මල්ලිටත් වැඳලා මං නිදා ගන්න යන්නේ.  මට මතකයි ඉස්සර නෑදෑයන් ආවාම කියනවා දැන් අම්මි මල්ලි ගෙනාවාම ඔයාගේ කිරි බෝතලය එයාට දෙන්න වෙයි කියලා. ඉතින් මල්ලි ගෙනාපු දවසේ මං අම්මිට කීවා මගේ කිරි බෝතලේ මල්ලිට දෙන්න කියලා. ඒත් අම්මි හිනා වෙලා මං දිහා බලලා කීවා. එපා බබා. ඔයා ඒක තියා ගන්න. මල්ලිට කිරි බෝතලයක් අපි ගෙනාවා කියලා.

මං ඉකෝලෙට බාර දෙන දවසේ අම්මාට Training එකකට අවුරුදු 03කට යන්න වුණා. මාවයි, මල්ලි බලා ගන්න අම්මාගේ අම්මා, තාත්තාගේ අක්කයි ඇවිත් ගෙදර නැවතුනා. අම්මිට  තිබුනේ කළුතර. එයා සෙනසුරාදා ගෙදර ඇවිත් මල්ලිත් එක්ක ඉඳලා ඉරිදා අපහු කළුතර යනවා. මල්ලිගෙයි, මගෙයි වයස් පරතරය අවුරුදු 4යි.  ඉස්සර අම්මි කළුතර ඉදන් එද්දී මල්ලීට විතරක් ඇඳුම් ගේනවා, මට මුකුත්ම නෑ. එක සැරයක් මං මල්ලීට ගෙනාපු කලිසමකුයි, ටීෂර්ට් එකකුයි අරන් පේර ගස ළඟට වෙලා කල්පනා කර කර හිටියා අම්මී මල්ලිට ඇඳුම් ගෙනාවට කමක්නෑ. ඒත් මට එකක් හරි ගේන්න තිබුණනේ දුක හිතුනේ ඇඳුම් නොලැබීමට නෙවේ. අම්මිට දැන් මාව අමතක වෙලා කියලයි.  මං ඒ ගැන ඇඬුවේ නෑ.පුළුවන් විදිහට චූටි කමට එයාලට කරුණු පැහැදිලි කරලා දුන්නා. තාත්තිට දුක හිතිලා පහුවදාම එයා වැඩ ඇරිලා එද්දී මට නිල් පාට ඇඳුමක් සහ

 ටිපිටිප් පැකට් එකක් ගෙනාවා. මං ටිපිටිප් කාපු පළවෙනි දවස. තාමත් ඒ රසට මං ආසයි. තාමත් කහ පාට රවුම් ටිපිටිප් කද්දි මට එදා දවස මතක් වෙනවා.

ජීවිතේ පළවෙනි වතාවට අම්මි තත්තී නැතිව මං 1 වසරෙදි 1993 අත්තම්මාත් එක්ක ගමේ ගියා. මං ටිකක් දඟ නිසාදෝ නැත්නම් සංජීවනීට වඩා කලු නිසාදෝ හැමෝම මට වඩා ආදරේ කළේ සංජීවනීට. ඒත් මාමා සහ සුනිතා පුංචි මට ආදරෙයි කියලා දැනුණා. 

මට අවුරුදු 3දි සුනිතා පුංචි අම්මිලාගේ මහගෙදරදී අහසෙ තරු බල බලා මට බත් කව කවා හිටියා. එක පාරටරම තරුවක තරම් එළියක් වේගයෙන් අහසේ ගියා. එදා මට පුංචී කීවේ ඒ පියාඹන පීරිසියක් කියලා. අදටත් රෑට plane එකක් යනවා දැක්කාම මට හිතෙන්නේ පුංචි එදා පෙන්නපු පියාඹන පීරිසිය ඒකද කියලා. අනේ එදා මගේ අතින් බැරිවෙලා පුන්චිගේ කනින් ඇදලා කරාඹුවට එයාගේ කන තුවාල වුණානේ. ඒත් මට නොපෙනෙන්න පැත්තකට ගිහින් ඇඬුවේ. පස්සෙත් මගේ ජීවිතේදි ඔයාට  මං හේතු කරගෙන රිදුණත් මුකුත්ම නොපෙන්වා ඔයා මාත් එක්ක හිනා වෙලා කතා කළා. මොකද අපි දෙන්නට දෙන්නා දැනන් හිටියා අපි අහිංසකයි කියලා.

මෙහෙම හිටියට මම හරිම මුරණ්ඩුයි. මට මතකයි සුනිතා පුංචිගෙ engagement දවසේ රෝස පාට ගවුමට අඳින්න සංජීවනීගේ ජාතියේ කළු පාට සපත්තු තිබුන්නෑ කියල මං සපත්තු නොදා හිටියා.




Posted by නෙතු නුඹ


Posted by නෙතු නුඹ

මියැදෙන්නෙ නැති නිසා ජීවිතය ඇදන් යෑම

ඔබ නාදුනන මා

Posted by නෙතු නුඹ

හැමදාම ඔය ඇස් මං ඉස්සරහෙ තියාගන්න මං කොයිතරම් හීන මැව්වද.? 
ඒ හීන වලින් එක පුංචිම පුංචි හීනයක්වත් හැබැකරගන්න තරම් වාසනාවක් මට නැති උනා ......
අහීංසකව තැනු සෙනෙහස අද්දර
ඔය රුව මැවී පෙනේ
අහක බලාගෙන යනකොට දැනුනේ
ආබම්බරය නොවේ
සත්තයි මගෙ හදවත රිදුනා
නොතේරෙන්න වගෙ මට හැඬුනා ......

එන්න

Posted by නෙතු නුඹ


අත් වැල් බැදන් එකට යන්න හදපු ගමනක්
තනියම යනකොට දැනෙන දුක ඔයාට නොදැනෙනවා ඇති
මොකද මටත් හොරා ඔයාගෙ හිත
ඔහේ සක්මන් කරපු නිසා
ඒ ගියා පාරේ අඩි සලකුනක්වත් නොතිබ්බේ
මම හොයාගෙන ඒවී කියලා නේද ...............
හිත හදාගන්න බැරිව
ඔයා එනකම් මග බලන් ඉන්නවා ඇති කියලා
නිකමට හරි හිතුනෝතින්
අනේ.........ඒ ගිය අඩි පාරේම ආපහු හැරිලා
මම ගාවට එන්න ....

''මැරි මැරී ඉපදෙනවා මේ හිත ඒ තරමටම ''












මියැදෙන්නෙ නැති නිසා ජීවිතය ඇදන් යෑම